පෙම්බර හිතකට | Pembara Hithakata by Chandana Liyanarachchi

Sinhala song lyrics with music notes illustration

පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම්
ඇත්තටමද ඔබ කීවේ මෙලෙසින්
ඇස් දෙක ඉඟි කළ කතන්දරේ පෙම්
මට විතරද තව කීවද රහසින්

පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම්
ඇත්තටමද ඔබ කීවේ මෙලෙසින්
ඇස් දෙක ඉඟි කළ කතන්දරේ පෙම්
මට විතරද තව කීවද රහසින්

මගේ සිත ළඟට හොරෙන් ඔබේ සිත ගෙනා ඉනාවා
දෙනෙතේ නුරා කැළුම් දැක සිත පෙමින් බැඳේයා
ආදරයේ හැඟුමින් මගේ සිත මුකුලිත වේ නම්
ලෙන්ගතුකම ගැන කියන්න හදනා රහස දනී මං

පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම්
ඇත්තටමද ඔබ කීවේ මෙලෙසින්
ඇස් දෙක ඉඟි කළ කතන්දරේ පෙම්
මට විතරද තව කීවද රහසින්

මල වට බඹරිඳු මෙන් මගේ සිත ඔබට බැඳේ නම්
සෙනෙහස පිරුණු සිතින් කළ ඇරයුම පිළිගන්නම්
ඔබේ මුව සරසන සුපෙම් හිනාවට හද කැලමේ නම්
පායා එන්න මගේ මැදුරට පුරහඳ ඔබ නම්

පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම්
ඇත්තටමද ඔබ කීවේ මෙලෙසින්
ඇස් දෙක ඉඟි කළ කතන්දරේ පෙම්
මට විතරද තව කීවද රහසින්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply