පොල්රුප්පාවේ දඟකල සෙල්ලම්
සුළඟේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන්සැරේ ඔබ මා අමතක කරදා..
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල් වේ හද සෙනෙහෙ පැතුම්..
රෑ රැහැයි හඬේ දුක් ගීත රාවයේ..
රෑ රැහැයි හඬේ දුක් ගීත රාවයේ..
සවනේ..වැකුනේ..ගොළුවූ හඬක් ලෙසින්
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල්වේ හද සෙනෙහෙ පැතුම්..
ඈත ගුරු පාරේ පියමන් සලා යන්නේ..
ඈත ගුරු පාරේ පියමන් සලා යන්නේ..
කඳුලින්..පිරිලා..දෙනුවන් වැසී යාදෝ
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල් වේ හද සෙනෙහෙ පැතුම්..
පොල්රුප්පාවේ දඟකල සෙල්ලම්
සුළඟේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන්සැරේ ඔබ මා අමතක කරදා..
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල් වේ හද සෙනෙහෙ පැතුම්..