හිරිගඩු නංවන ලස්සන රුව ඇති
හදවත ගැස්සෙන ස්නේහ රුව ඇති
ගත සිත පුබුදන කෝඩු බැලුම් ඇති
අහංකාර නුඹ හීන කුමාරී … හීන කුමාරි
මුරණ්ඩුකම් ළඟ බොළඳයි කොලු හිත
කීකරු මගෙ සිත චංචල වී ඇත
ඔචිචමි කරමින් හිනැහෙන නුඹෙ නෙතු
කියාදියන් මට …. කියාදියන් මට
වතගොත ඇහුවට කියන්න දන්නැති
හිත මත ඇවිදින පියවර හුරු නැති
මා ලඟ නැවතෙනු කිව්වට දන්නැති
අහංකාර නුඹ …. අහංකාර නුඹ
හිරිගඩු නංවන ලස්සන රුව ඇති
හදවත ගැස්සෙන ස්නේහ රුව ඇති
ගත සිත පුබුදන කෝඩු බැලුම් ඇති
අහංකාර නුඹ හීන කුමාරී … හීන කුමාරි