මම | Mama by Hashen Dulanjana ft. Tharindu Damsara [2021]

ආලෝක වර්ෂ දහසක් දුරින්
කාල කුහරයක පතුලත
කුඩා එළි තිතක් දල්වා ලමි;
සඟවා ගනිමි වට අවට
ඝනව පැතිරුණ අන්ධකාරය

මෙරු තටු සැලෙන වේගෙන් ගැහෙන
මීන දෑසකි ඔබ සතුව
අඳුරු කුටියක ස්පන්දනය වන
ගැඹුරු මා හද විනිවිදින

විසල් කරමින් දෑස
මදහසින් රේඛා මවාගමි
මෙතැන් සිට නුඹට,
අඳුර තුළ වුව නොයෙක් පැහැ දිලෙනු ඇත

එහෙයින්ම මම,
ගැඹුරුය
නිසලය
නිසසලය

Leave a Reply