හදිසිද මන්දා | Hadisida Manda by Kanchana Anuradhi [2021]

සුන් විච්ච හද ගැස්ම පාරා
නැගේ හද ගිනි ජාලා
අහිමි නුඹ සිහි කලා මා
අනිසියී දැන් පෙම් ආශා

කන්නගී නම් මා
වියෝ දුකින් හද පරදා
ඇවිලී ශාපයෙන් ගම් නැසුනා
අනේ මං හදිසිද මන්දා

හිස් වෙච්ච මනු ලෝක දුටු දා
දැනේ නැතිවීම සපුරා
තනිවී සිතමී මා පෙරලා
කොහෙදෝ මහදේ අනුකම්පා

කන්නගී නම් මා
වියෝ දුකින් හද පරදා
ඇවිලී ශාපයෙන් ගම් නැසුනා
අනේ මං හදිසිද මන්දා

Leave a Reply