in Kanchana Anuradhi, Tharindu Damsara

ළු | Lu (Female Version) by Tharindu Damsara ft. Kanchana

නුඹ නොමැති දිහාවක තල කොහිද සඳළු
කටු මතින් ඇවිද යමි මතක වන වදුළු
උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳළු
ලස්සනම තැන් වලයි තියෙන්නෙම කඳුළු

රැයක මැදියම අරන් ගලවමි දෑස්වල ඇබේ
එතැන් සිට ගලන්නේ මොනවාද ඉබේ
ඉතින් නුඹ තබාගිය සිනාවන් තැනින් තැන තිබේ
අතීතය සිහිකරන් හොදටෝම මං රිද්දගනු ලැබේ

කාගේ කාගේත් දෑස් කෙලවර ශේෂ කඳුලක් තියනයවා
බැරිම තැන් වල එහෙම ඒවා ගලාගෙන බිම හැලෙනවා
හිමිනොවූවත් සමහරක් අය අහිමි වෙන තැන බැඳෙනවා
සදාකාලික ප්‍රේමයක් නම් කවදා හරි අත් හැරෙනවා

banner

Leave a Reply