ආඩම්බරකාරී | Adambarakari by Pradeep Rangana

Sinhala song lyrics with music notes illustration

නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී
ඉඟ සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවි
කෙදිනක හෝ නුඹ මගේ ළඟ නවතීවී
සිත මගේ ඉල්ලාවි
මගේ සුදු ආඩම්බරකාරී

නිල්මිණි දෑසේ කුළුදුල් පෙම දැකලා
සිත රහසේ බැඳුනා
ඔය වත කමලේ සඳ සේ
රුව ආඩම්බර පානා ගතියට
ආල හැඟුම් මැවුනා

නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී
ඉඟ සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවි
කෙදිනක හෝ නුඹ මගේ ළඟ නවතීවී
සිත මගේ ඉල්ලාවි
මගේ සුදු ආඩම්බරකාරී

කාටත් නොකියන කවුරුත් නොදන්න
රහසක් මුමුණාවී උණුසුම ඉල්ලාවී
මගේ සයනේ සැතපෙවී
ආඩම්බර ගති නොතිබුණා වගේ
ආදරේ ඉල්ලාවී
නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී

නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී
ඉඟ සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවි
කෙදිනක හෝ නුඹ මගේ ළඟ නවතීවී
සිත මගේ ඉල්ලාවි
මගේ සුදු ආඩම්බරකාරී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply