ආදර මගෙ ජේසුනී
කලකින් ඔබ අමතමී
කොහොමද ඔබගේ තතු – සමිදේ
සිතු සිතු දේ මම කළා
ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළග වැද වැටී – හඩමී
මා හසුවී මාරුතේ
මග වැරදී මාවතේ
මේ ලියමන ලියමි මා – සමිදේ
මහ කරුණා සාගරේ
ඔබ පමණයි ආදරේ
සැනසුම මට දෙන්නකෝ – සමිදේ
ආදර මගෙ ජේසුනී
කලකින් ඔබ අමතමී
කොහොමද ඔබගේ තතු – සමිදේ
සිතු සිතු දේ මම කළා
ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළග වැද වැටී – හඩමී
ජේසුනි මම ආදරෙයි
ඔබෙ පෙම ඊටත් වැඩියි
සැමදා මම ණයගැතියි – ඔබට
ඔබ දුන් හැම දේටමත්
මට දුන් නැති දේ හටත්
තුති පුදමි ආදරෙන් – සමිදේ
ආදර මගෙ ජේසුනී
හමුවෙමු යළි මතු දිනේ
දින දින වැජඹේ ලොව – සමිදේ
සිතු සිතු දේ මම කළා
ඔබ අනුකම්පා කළා
මම ඔබ ළග වැද වැටී හඩමී
Leave a Reply