අහස් ගව්ව | Ahas Gawwa by Jude Rogans [2015]

Sinhala song lyrics with music notes illustration

අහස් ගව්ව දුර නෑ
ඔබ ළග ඉන්නවා නම්
සිතුල් පව්ව රළු නෑ
හද පිරිමදිනවා නම්
තිස්ස වැවෙත් වැලි නෑ
සිතුවිලි ගැහෙන තරම්
විස්ස උනත් පොඩි නෑ
මගේ හිත දැනෙනවා නම්

පරවෙන පැතුමට කිරි වද්දාගෙන
රුහුණේ කෙත් යායෙන්
හැර යන්න වයසට වේලී බදිනවාද
මහවැලි ගග මැද්දෙන්
තිස්ස වැවෙත් වැලි නෑ
සිතුව්ලි ගැහෙන තරම්
විස්ස උනත් පොඩි නෑ
මගේ හිත දැනෙනවා නම්

කළු සුදු සිහිනෙට පාට පොවාගෙන
හග්ගල මල් වත්තෙන්
ළගදීම දවසක පෝරු තනාගමු
ඉසුරුමුණිය පැත්තෙන්
තිස්ස වැවෙත් වැලි නෑ
සිතුවිලි ගැහෙන තරම්
විස්ස උනත් පොඩි නෑ
මගේ හිත දැනෙනවා නම්

තිස්ස වැවෙත් වැලි නෑ
සිතුවිලි ගැහෙන තරම්
විස්ස උනත් පොඩි නෑ
මගේ හිත දැනෙනවා නම්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply