අන්ධකාරය දිග හැරී
රැගුම් වෙයි අවසන්
හිස් අසුන් පමණක් බලාහිද
ඔවුනොවුන් විමසන්
ආකාලේ මියැදෙන්න හෝ ප්‍රේමයක් තිබුනේ නම්
පිටපතින් පිට වී යන්න ගිය
පිටස්තර වූ බොහෝ උදවිය
සනසන්නයැයි ගිණිතියා ගිය
කියාගන්නට නොහී කැකැරෙන ලෝ ගිණී
වැලපුමක් කර ගයන්නට තාලයක් තිබුණා නම්
අසුරුසැන පරදා ගෙවීගිය
ජිවිතේ මල් පිපුණු කාලය
යලිත් නොමඑන බව පසක් විය
නාටකය නිම වී මා ගිමන් හරිමී
බඹර තුඩු කඩතොලක්වත්
පෙති මත්තේ තිබුනා නම්
written by Ruhunuketha Dhammadewa thero
Song Summary
A reflective and poetic song about loss, impermanence, and the quiet emptiness that remains after life’s passions and performances fade away.
Song Meaning
The song portrays life as a stage play that has reached its end, leaving behind darkness, silence, and empty seats. It reflects on missed love, unspoken emotions, and relationships that could not survive time and circumstance. The singer observes how people drift away, leaving wounds behind without closure, and how inner pain burns quietly without words or melody to express it.
There is a deep awareness that joyful moments, once vibrant like blooming flowers, will never return. The realization of impermanence brings acceptance rather than rebellion. The narrator steps away from the completed “drama” of life, resting in stillness, wishing there had been at least a small sign of sweetness or meaning left behind.
Overall, the song meditates on the fleeting nature of love, life, and art, embracing resignation with calm sorrow rather than despair.