ආලවන්ති | Alawanthi by Jaya Sri [2023]

Sinhala song lyrics with music notes illustration

ආලවන්තී මා
මේ සබකෝල සැන්දෑවේ
සීතල හීන වර්ෂාවේ
සිහිල ගෙනේ
මට සැමදා
මාද මිහිරාවී
සවුදිය පුරන සඳයාමේ
නුඹෙ වත පිරුණු සඳ වාගේ
නෙතු දැහැනේ
මට සැමදා

හිතා හිතා නුඹේ රටා
මගේ හිතත් උමතුයි සොඳුරී
පතා පතා පෙරුම් පුරා
නුඹේ දෑස නෑ අත්හැරුනේ
හිතා හිතා නුඹේ රටා
මගේ හිතත් උමතුයි සොඳුරී
පතා පතා පෙරුම් පුරා
නුඹේ දෑස නෑ අත්හැරුනේ
නුඹට වශීවෙලා මා

තනිවෙන්නට ආසම නැහැ දැන්
නුඹෙ ගත හැඩ සිහිවෙයි හැමතැන්
සිහින සැබෑ වෙන හැටි දැනගනිමින්
බලා ඉඳිමි නුඹ මා වෙත එනකන්
සඳ කොහෙදෝ හිරු කොහෙදෝ
හිතට දැනෙන සැප කාට කියන්දෝ
සිහින දිගේ දුවගෙන එන මඟ මම
මටම ලැබෙන තුරු බලා ඉදින්දෝ…

සලා සලා නිතඹ සලා
නුඹ එනවිට මා වෙත නැලවී
සුරංගනා ලියේ නුඹට
මා හදවත ඉවරයි පැටලී…
සලා සලා නිතඹ සලා
නුඹ එනවිට මා වෙත නැලවී
සුරංගනා ලියේ නුඹට
මා හදවත ඉවරයි පැටලී
නුඹට වශීවෙලා මා

ආලවන්තී මා
මේ සබකෝල සැන්දෑවේ
සීතල හීන වර්ෂාවේ
සිහිල ගෙනේ
මට සැමදා
මාද මිහිරාවී
සවුදිය පුරන සඳයාමේ
නුඹෙ වත පිරුණු සඳ වාගේ
නෙතු දැහැනේ
මට සැමදා

written by Reru

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply