in Thuvindu Muthukumara

ආලේ නිසා | Aley Nisa by Thuvindu Muthukumara [2021]

සොඳුරේ මාගේ -සිහිනේ ආවේ
හැඟුමේ රෑනේ මා හා – නුඹ නේ ආවේ

ඉතිරී ගියා හද දුටු දා සිනා
මුදු මල් හීන චායා ගෙනා
මනමාල වී නෙතු කියනා කතා
හිත පෑහීලා ආලේ නිසා

සඳ මීදුමෙන් නාවා – පිනි සේල ගවසාලා
මා හා බැඳිලා
ප්‍රේම යායේ මායාවී නුඹ ආවා
කෝල වීලා මා ගාව දැවටීලා

හද පාරන සංකා – සඳ වාගෙම සනහා
නුඹ ගාවම මනමත් වේවි මගෙ හිත බෝම ආලෙන් නැහැවීලා
සඳ මීදුමෙන් නාවා – පිනි සේල ගවසාලා
නෙක මල් වියන් පීරා – හද ආදරේ දීලා
මා හා බැඳිලා
ප්‍රේම යායේ මායාවී නුඹ ආවා
කෝල වීලා මා ගාව දැවටීලා

නුඹ ගාවම මනමත් වේවි මගෙ හිත බෝම ආලෙන් නැහැවීලා
සඳ මීදුමෙන් නාවා – පිනි සේල ගවසාලා
නෙක මල් වියන් පීරා – හද ආදරේ දීලා
මා හා බැඳිලා
ප්‍රේම යායේ මායාවී නුඹ ආවා
කෝල වීලා මා ගාව දැවටීලා

banner

Leave a Reply