අණ කාගෙද | Ana Kageda by Master D [2020]

Sinhala song lyrics with music notes illustration

උඹ දකින දේට වඩා පේන දේවල් ගැඹුරුයි
උඹ හිතනවාට වඩා මගේ රැප අඳුරුයි
වසර ගානක් තිස්සේ රට කෑවේ දුකයි කඳුලුයි\

හරකා කාගෙන යද්දි බලන්නෑ
ඒක බෙහෙත්ද පඳුරුයි

මගේ මේ රැපෙන් අඳෝනා
වදන්නේ රුවක් අඹවලා
කොහෙන් දැන් කොවිඩි බෝලා
දෙන්නම් මං රැපෙන් මලෝලා

අමර නයනා එක්ක තැනක මුල්ලක
කෙරුව කෝලම්
පතන හැම රජටම රට පුරා
උනුන් හැදුවා දෝලා

ගහලා ළඟදී කන්සා
බීගෙන හිටපු සන්නා
හොඳට කාලා බීලා හිටි
කොල්ලෝ ටික වමෙනුත් පැන්නා

දිගම තුවාලේ මැන්නා
ළඟම එකාට බැන්නා
කරල මෝල ගන්න කලින්
ගොතලා ගහලා වැදිලා පැන්නා

එක පැත්තකින් දැන් අල්ලා
තව පැත්තකින් දැන් කල්ලා
උඹලා එකතු නැතුව
කොහොම කරන්නේ රටෙම වල්ලක්

මිලට විකුනු දල්ලක්
නොමිලේ බෙදුවා මල්ලක්
ගැන කියවපු තනි සෙබලට
බිරුවා කැහැටු බල්ලා

ඇති හෝ නැති හෝ මගේ බඩ පත
පිරි බෝ පස්ගෝ රස බෝ
මං දෙන්නේ මගෙම ලෝකේ කදෙන
බහින්නේ කව්ද ම කෝක කෝක

ඇසිල්ලේ ලිව්වා මං දෝස දකින උනුන්ට
එබුවා කනට පෝක විසිකරපන් උඹේ
මානෙන් දැන් ඒක බෝක

මිනිසා රිසි අඳිනා ඉසි වදිනා රිසී
ගිලිනා බොරු දවනා ගත මැවිලා නිතී
පිටුපාගත නොහැකි සිත තම පෑ රිසී

ඕ………..ඕ……..ඕ…
සඳ වෑහුනු රැයකි යලි කඬු වෑහුන
රතු පෑරුව තරහා ගැන බියවා ලුව
ගත කී තව ගත පාගපු අණ
කාගෙද අතුලාලුව….
යා…… යා……..

අද හෙට දෙකම පල බරයි
තම හට තමාම විසඳුමයි
කව්ද කඩේ යවන්නේ පොඩි ළමයි
තියාගන්න වටින්නේ ඕනකමයි
පරාජිත කරන්නේ නැති කමයි

උඹ හිතේ මඬින්නේ පඩි තමයි
බලාගෙන හිඳින්න බැරිකමයි
මගේ රැප යදින්නේ කලුවරයි

හීන වෙන තමන්ම තමන්ට
දිනාගන්න බැරි ජයක්ම සොයනවා
කියන්නෙ රැපක් මං රටවා රසක් දැන්
උයන්න තැනක් මං සොයනවා

නෙලන්න තමන්ගේ අස්වැන්න
වැවට බැස්සම දනක්ම එරෙනවා
වේලන්න අනුන්ගේ ගොදුරු
සත සරුපය නිතර ඇදෙනවා

එකට එක නොපෙනෙන කලුවරේ කලු
යදම් බැඳි හිත කුණාටුවේ
බතක පෙණ මිරිකන ගෙල
තනිකලා වනඳුලේ

මලට හොයාගන්න බැරි රැපක් හිරකලා
ඔලු කටු තුල ගරඬුවේ
කලා ඔය ඉස රැපක් නම් ලියන්න බෑ
බන් පිටින් ඔය බලා ඔහේ

නලා තියා බැලූ ඩොකා යැව්වා
තව ඩොකෙක් ළඟට මා
ගරාගත්තා තව ලෙඩෙක් එනතුරා
එක ලෙඩෙක් හුවා
නිරා ළඟ දොර ඇර ඇර

වැසූ පොඩි කඩතුරා
අපේ රටේ පොඩි එකා
දැන ගත බඩකඩිතුවා

රැපනම් රැප උදෙසම
කාටත් කලින් කවුරුත් යන්නෑ දිනුමට
හිතින් දැන් උඹ එක තැන
මම කියවන්නේ රටේ පෙනුමට

කොහොමත් එදා ඉඳන් මම
සවන් දුන්නා උඹලගේ බැනුමට
සෙනග මැද ඉන්න මට රිදු මදි
උඹලට වැනුමට

උඹ දකින දේට වඩා
පේන දේවල් ගැඹුරුයි
උඹ හිතනවාට වඩා
මගේ රැප අඳුරුයි

වසර ගානක් තිස්සේ
රට කෑවේ දුකයි කඳුලුයි
හරකා කාගෙන යද්දි බලන්නෑ
ඒක බෙහෙත්ද පඳුරුයි

මගේ මේ රැපෙන් අඳෝනා
වදන්නේ රුවක් අඹවලා
කොහෙන් දැන් කොවිඩි බෝලා
දෙන්නම් මං රැපෙන් මලෝලා

අමර නයනා එක්ක තැනක මුල්ලක
කෙරුව කෝලම්
පතන හැම රජටම රට පුරා
උනුන් හැදුවා දෝලා

written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply