අපි වෙනුවෙන් අපි ආයේ | Api Wenuwen Api Aye by Upekha Nirmani

Sinhala song lyrics with music notes illustration

දුක ආයෙමත් නැති පින් බිමේ
හෙට සුපිපෙනා හිරු කිරණ සේ
සෙනෙහස උතුටයි හදවතේ
අපේ හීනයයි ඔබ එළි කලේ

ඔබ පියෙකි සොහොයුරෙකි
මහ බලැති එක හිතෙකි
අහසේ දෙව් රුවකි
මව් දෙරණේ රන් පුතෙකි

ඔබ පියෙකි සොහොයුරෙකි
මහ බලැති එක හිතෙකි
අහසේ දෙව් රුවකි
මව් දෙරණේ රන් පුතෙකි

යුධ බිම් මැද මහ තුරු මුදුන් පවා
සිරස නමා වදීනා

තුන් යාමේ දුක් දවනා
මුර දෙවියන් නිදි වරනා
නැති දා ඔබ අප ඉන්නේ
නැත සැනසිලා

මල් යහනා අතහැරලා
ඔබ දිරියෙන් ගිනි නිවුනා
ඔබව රකිමි සැමදා අත් අල්ලා
ලග රැදීලා

හිතෙන් හිතට සතුට ගෙනෙමු
අපි වෙනුවෙන් අපි ආයේ
දොරින් දොරට සෙනෙහෙ දැනෙන
පැහැබර දවසක සිත් මල් පිපී රෑනේ

ඔබ පියෙකි සොහොයුරෙකි
මහ බලැති එක හිතෙකි
අහසේ දෙව් රුවකි
මව් දෙරණේ රන් පුතෙකි

යුධ බිම් මැද මහ තුරු මුදුන් පවා
සිරස නමා වදීනා

සුළගේ ඔබ ඇසෙනා
නිල් අහසේ රුව පිපෙනා
කිසිදා මතු නෑ ඉන්නේ ඔබ තනිවෙලා

සිහිනේ ඔබේ දනිමී
මාගේ මෙන් දකිමී
ඔබේ සිහිනේ එළි කරමි
දුක පිසදා හිත සනසා

ලගින් ඉදන් හීන දිනමු
අපි වෙනුවෙන් අපි ආයේ
ලොවක් උතුම් මවට වදින
පෙම්බර අත් වැල් සිත් යායේ

ඔබ පියෙකි සොහොයුරෙකි
මහ බලැති එක හිතෙකි
අහසේ දෙව් රුවකි
මව් දෙරණේ රන් පුතෙකි

ඔබ පියෙකි සොහොයුරෙකි
මහ බලැති එක හිතෙකි
අහසේ දෙව් රුවකි
මව් දෙරණේ රන් පුතෙකි

ඔබ පියෙකි සොහොයුරෙකි
මහ බලැති එක හිතෙකි
අහසේ දෙව් රුවකි
මව් දෙරණේ රන් පුතෙකි

යුධ බිම් මැද මහ තුරු මුදුන් පවා
සිරස නමා වදීනා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply