in Ajith Bandara

ඇස් කතා කරයි | As Katha Karai by Ajith Bandara

ඇස් කතා කරයි රහසින්
බිම බලන් ගියත් ඔබගේ
ඇස් කතා කරයි රහසින්
බිම බලන් ගියත් ඔබගේ
ඇතුළු හිතේ ආදරයට යටවී
මා හිදිනා බව හොඳ හැටි දනිමී
අහිතක් නෑ ඒ හින්දම ළදුනේ

හිටි හැටියෙම මේ වගේ
හීතල හබයක පැටලී
හිටි හැටියෙම මේ වගේ
හීතල හබයක පැටලී
ඔබ දුරස් වුනත් මොහොතක්
හිත වෙනස් වෙච්ච දවසක්
මතක ඇති කාලෙක දැනිලම නෑ

ඇස් කතා කරයි රහසින්
බිම බලන් ගියත් ඔබගේ
ඇතුළු හිතේ ආදරයට යටවී
මා හිදිනා බව හොඳ හැටි දනිමී
අහිතක් නෑ ඒ හින්දම ළදුනේ

එකට එක නොකළත් ලඳේ
තවනම් ඉවසුම් නොදේ
එකට එක නොකළත් ලඳේ
තවනම් ඉවසුම් නොදේ
ඔබ එපා වුනොත් විතරක්
හිත හදාගන්න විදිහක්
තවමත් මා නම් හිතලම නෑ

ඇස් කතා කරයි රහසින්
බිම බලන් ගියත් ඔබගේ
ඇතුළු හිතේ ආදරයට යටවී
මා හිදිනා බව හොඳ හැටි දනිමී
අහිතක් නෑ ඒ හින්දම ළදුනේ

banner

Leave a Reply