ඇස් වසා | As Wasa by La Signore [2022]

Sinhala song lyrics with music notes illustration

ඇස්වසාගෙන ඉමු කියා
මට හොරෙන් දැන් නුඹ ගියා
හිතුවෙ නෑ නුඹ යයි කියා

හිත පුරා යන දුක කියා
ගනු කෙනෙක් මට නැති නිසා
කෑ ගසා මම ගොළු වුනා

කළු වෙලා අහස ගොරවනා දාට
නුඹගේ මතකෙ රිදුනා
නුඹ නැතත් ලගම වරලසේ සුවද
මට ලගින්ම දැනුනා

කවුරුත් නෑ හමුවීලා
නුඹ වාගෙ මාගෙන් සමුගන්නා
කවුරුත් නෑ හමුවීලා
නුඹ වාගෙ සමුගන්නා

මට දරා ගනු බැරි නිසා
කදුලකින් සිත පිහිදුවා
ඒ තරම් ලෙන්ගතු නිසා

ඒ හැගුම් බර වැඩි නිසා
අහසටත් දුක තෙරුනා
වැරදුනේ කොතනද කියා

කළු වෙලා අහස ගොරවනා දාට
නුඹගේ මතකෙ රිදුනා
නුඹ නැතත් ලගම වරලසේ සුවද
මට ලගින්ම දැනුනා

කවුරුත් නෑ හමුවීලා
නුඹ වාගෙ මාගෙන් සමුගන්නා
කවුරුත් නෑ හමුවීලා
නුඹ වාගෙ සමුගන්නා

විදවනා හීන අතලගින් දුන්න රෑ පුරා කවි ලියා
නොමියෙනා හීන මියදෙනා දාට මම ඉතින් තනි වුනා

නුඹ ලගින් තියපු මතකයේ සුවද අද උඹත් පෑරෙනා
සුළගටත් රිදෙන ආදරේ තරම අපි ලොවට පෙන්නුවා

කළු වෙලා අහස ගොරවනා දාට
නුඹගේ මතකෙ රිදුනා
නුඹ නැතත් ලගම වරලසේ සුවද
මට ලගින්ම දැනුනා

කවුරුත් නෑ හමුවීලා
නුඹ වාගෙ මාගෙන් සමුගන්නා
කවුරුත් නෑ හමුවීලා
නුඹ වාගෙ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply