ඈතට පා වීලා | Athata Paa Weela by Miyuru Sangeeth [2021]

Sinhala song lyrics with music notes illustration

මට නුඹ දැණුනු තරම්
නුඹට නොදැණුනා ඒ බව මට දැණුනා…
සියොළඟ දැවටුණු මතක සියල්ලම
කතරක මිරිඟුව සේ මා රැවටූවා…
මතක අතීතයේ තනි වී සිටියත්
එය බොරුවක්මැයි සිත මට පවසනවා…
ඉතින් මමත් යමි මතකය අතහැර
දුරක කොහේ හරි ඈතට පා වීලා…

ඈතට යන්නට එකවර බැහැ මට
සිත එය කීවත් කෙසේ කරන්නද…
නුඹට වගේ මට නැහැ රළු හැඟුමන්
එබැවින් මම ඉමි හද සුව වෙනකම්…

රුව මෙන් හැඟුමන් සොඳුරු වුණා නම්
අදටත් විඳිනෙමි ඇගෙ ආලය මං…
හමුවන වෙන්වන සොඳුරු කතා වල
කියන්න දහසක් රහස් කතා ඇත…

මට නුඹ දැණුනු තරම්
නුඹට නොදැණුනා ඒ බව මට දැණුනා…
සියොළඟ දැවටුණු මතක සියල්ලම
කතරක මිරිඟුව සේ මා රැවටූවා…
මතක අතීතයේ තනි වී සිටියත්
එය බොරුවක්මැයි සිත මට පවසනවා…
ඉතින් මමත් යමි මතකය අතහැර
දුරක කොහේ හරි ඈතට පා වීලා…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply