ඇති මාව රැවටුවා | Athi Mawa Rawatuwa by Shihan Mihiranga

Sinhala song lyrics with music notes illustration

ඇති මාව රැවටුවා
හොඳටෝම රැවටුනා
කවුරුත් එපා කියද්දී
මං පෙම් කලා
මගෙ ආදරේ මදිවෙලා
යන්නට ගියත් වෙන්වෙලා
නොලැබුන ඔබේ සෙවනේ
තනිකම හොඳයි මට සදා

මාගෙ අතේ වරද කියා
දහස් වරක් පසුතැවුනා
ඔයා අරන් යන්න හිතන්
කුලී මාළිගා සෙව්වා

මට වඩා හොඳ කෙනෙක්
මට කලින් ලංවෙන්නැතී
ඒ නිසා මා දමා
හිතට එකඟව හැරයන්නැතී

ඇති මාව රැවටුවා
හොඳටෝම රැවටුනා
කවුරුත් එපා කියද්දී
මං පෙම් කලා
මගෙ ආදරේ මදිවෙලා
යන්නට ගියත් වෙන්වෙලා
නොලැබුන ඔබේ සෙවනේ
තනිකම හොඳයි මට සදා

නොමැරි මැරෙන තත්පරයත්
කල්පයක් වගෙ දැනුනා
නාඳුනනා ලෙස ඔබ මා
ලෝකෙට මුදවා හැරුනා

මට වඩා හොඳ කෙනෙක්
මට කලින් ලංවෙන්නැතී
ඒ නිසා මා දමා
හිතට එකඟව හැරයන්නැතී

ඇති මාව රැවටුවා
හොඳටෝම රැවටුනා
කවුරුත් එපා කියද්දී
මං පෙම් කලා
මගෙ ආදරේ මදිවෙලා
යන්නට ගියත් වෙන්වෙලා
නොලැබුන ඔබේ සෙවනේ
තනිකම හොඳයි මට සදා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply