බෙල්ලන්විල ‍වෙ‍හෙරට | Bellanwila Weherata by Kingsley Peiris

Sinhala song lyrics with music notes illustration

බෙල්ලන්විල ‍වෙ‍හෙරට සුදු මල් පූජා කරන්න
මා ඔබෙමයි සිතන්න ඔබ ම‍ගෙමයි සිතන්න
පෙම්බර ‍රෝස කුසුම සිත්මල පූජා කරන්න
සුන්දර සඳක් වෙලා හිත ලඟ සක්මන් කරන්න

කඳුලැලි ඇහැට ඇවිත් එය එතනින් බිමට වැටෙයි
හසරැලි මුවට ඇවිත් මට ඔබ ගැන නිතර හිතෙයි
දුක සැප කො‍හොම වුනත් ‍වෙනසක් නම් ‍නොවී ති‍යේ
ආදර සිත පාමුල ‍සෙ‍නෙහස් මල් නිතර පි‍පෙයි

බෙල්ලන්විල ‍වෙ‍හෙරට සුදු මල් පූජා කරන්න
මා ඔබෙමයි සිතන්න ඔබ ම‍ගෙමයි සිතන්න
පෙම්බර ‍රෝස කුසුම සිත්මල පූජා කරන්න
සුන්දර සඳක් වෙලා හිත ලඟ සක්මන් කරන්න

වර‍දෙදි සමා ‍වෙන්න ආපසු එය ‍නොකර ඉන්න
සතු‍ටෙදි දරාගන්න එය වැඩිදුර එපා යන්න
සුවඳට තුරුලු ‍වෙලා සුසුම් ‍පොදට ලැගුම් ‍දෙන්න
ඔබ ‍දෙව් දුවක් වෙලා හිත ලඟ ම‍‍ගෙ නතර වෙන්න

බෙල්ලන්විල ‍වෙ‍හෙරට සුදු මල් පූජා කරන්න
මා ඔබෙමයි සිතන්න ඔබ ම‍ගෙමයි සිතන්න
පෙම්බර ‍රෝස කුසුම සිත්මල පූජා කරන්න
සුන්දර සඳක් වෙලා හිත ලඟ සක්මන් කරන්න

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply