බිඳුනු පෙම් හද නිවාලන්නට
කඳුල නුඹ ආ දා
අඳුර රජයන හුදකලා සිත
නුඹට පෙම් බැන්දා…
සරාගික වු නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආදරේ
සරාගික වු නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආදරේ
නිමාවූ සිහි වටන පමණකි
දෙනෙත් දෑලේ ඉදිවුනේ
කඳුල නුඹ පිපුනා…
දැවී ගිණිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුනා…
බිඳුනු පෙම් හද නිවාලන්නට
කඳුල නුඹ ආ දා
අඳුර රජයන හුදකලා සිත
නුඹට පෙම් බැන්දා…
ප්‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ තනි මංසලේ
ප්‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ තනි මංසලේ
දිනෙක ඇය මා අමුත්තන් සේ
යලිත් හමු වේවී…
කඳුල නුඹ නාඩන්
දුරස් වන්නේ නැතේ නුඹ මා
කඳුල නුඹ නාඩන්…
බිඳුනු පෙම් හද නිවාලන්නට
කඳුල නුඹ ආ දා
අඳුර රජයන හුදකලා සිත
නුඹට පෙම් බැන්දා…