රන් තෝඩු | Ran Thodu by Chathumi Dihara [2024]

ලං වී ඉන්න ආලෙන් මට පෙම් බැන්ද දා මෙන්
වරු ගණනාවක් යා දෙන් නුඹ සිප ගත්‍ත මානෙන්
මත් වෙන්නා වාගේ ඔය පෙම් බැල්මේ රූපේ
මන් එන්නම් රහසේ යං අත් අල්ලන් පහසේ

මන් ඔය ප්‍රේමේ පටලා
තුන්යාමේ මැවිලා
පිං රූපේ නොවෑ මා
රන් මේ තෝඩු පළදා
මා කැන්දන් යන දා
තව ඉවසුම් නැත මා

හිතම හිරිවැටෙනා මල් කතා
සවනේ රැව් පිළිරැව් දෙන රටා
මුවගේ ඔය හුරතල් නොදකිනා මට
කුමට මේ නෙත් අරුතක් වෙනා

ලං වී ඉන්න ආලෙන් මට පෙම් බැන්ද දා මෙන්…

මන් ඔය ප්‍රේමේ පටලා…

written by Shashika L Gunsekra

dopelyrics,superblyrics,leaderoflyrics,syrebralvibes,shadowmusic,pillowmusic,patuloy pang lalakad ang panahon,freddie aguilar,lulubog lilitaw ang buwan at araw,taznetwork,spotifyviral,akoy magmamahal sayo hindi ito magbabago,di ko malimutan,pillow,tiktok,7clouds,mrshades,uniquevibes

රූ චායා | Ruu Chaya by Shashi X Chathumi [2024]

ආදරේ සද මා මගේ සිත පාළුවේ දමා
නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුඹේ රූ චායා
ජීවිතේ මෙතුවක් තරම් නුඹගෙන් සදක් සේ පායා
නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුබේ රූ චායා

කීව පෙම් වදන් මතක් වෙන වාරයක් පවා
නුඹ රෝස මල් වලින් තැනූ පෙම් යහන සුන් වුනා
ආදරෙන් මටත් දැනේ මම රැවටුනා කියා
මතක් වෙන වාරයක් පවා නමුත් මම සාප නෑ පතා

ආදරෙන් මටත් දැනේ මම රැවටුනා කියා
මතක් වෙන වාරයක් පවා නමුත් මම සාප නෑ පතා

රෝසමල් කුමාරියේ නුඹ රැවටුනා තමා
මමත් හරි ආදරෙයි කියා නුඹෙන් නෑ කිසීම දේ පතා
ප්‍රාතිහාරෙන්වත් යලිත් අපි එක් වුනොත් සදා
නුඹට හැකි මා පිටින් නුඹ ලත් දුකත් පිටමන් කරන්න සදා

ආදරේ සද මා…

ආදරේ සද මා මගේ සිත පාළුවේ දමා
නුඹත් දුර යන්න යාවි මේ සිතින් බැදි ආදරේ දාමා
කාරණා කිමැයි කියන් මේ පාරණා මෙමා
කලින් අපි ආදරෙන් සිටි ඒ නුඹේ හසරැල් විදින්නෙද මා

කාරණා කිමැයි කියන් මේ පාරණා මෙමා
කලින් අපි ආදරෙන් සිටි ඒ නුඹේ හසරැල් කොහේ සද මා

ආදරේ සද මා…

written by Shashika L Gunsekra