ආදරෙන් | Adaren by Harshana Dissanayake [2022]

ආදරෙන් මට තුරුළු වෙලා
ඔබ මා ලඟ උන්නු හැටී
ආදරෙන් මට තුරුළු වෙලා
නුඹ මා ලඟ උන්නු හැටී
මතකෙට එනවා ප්‍රියේ
හිත රිදි රිදී
නුඹමයි ආලේ මගේ

ඔබගේ පහසේ වෙලී
සිත පාවෙලා
දැණුනා මුදු සුවඳක් හදින්
හැඟුනා
මේ තරම් ආදරේ
ඔබටයි ප්‍රියේ

සීතේ බොඳ මීදුම් මැදින්
සිහිවේ ඔබ පියමැන්නා
පැතුසේ ඔබ මගෙමයි කියා
කීවා
මේ තරම් ආදරේ
ඔබටයි ප්‍රියේ

harshana dissanayake songs,harshana dissanayake kids songs,harshana dissanayake new songs,harshana dissanayake songs karaoke,harshana dissanayake,darshana wickramatunga songs,darshana wickramatunga new songs,harshana songs,dissanayake,harshana lama gee,darshana wickramatunga,sri lanka children songs,harshana new release,darshana wickramatunga contact number,heena song,nandasiri songs,sri lankan kids songs,romantic song,best of harshana,sinhala songs

පාන්දරින් ඉස්කෝලෙට | Pandarin Iskoleta by Harshana Dissanayake

පාන්දරින් ඉස්කෝලෙට ටැන්ටු කරත්තෙන්
තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන්
හනි හනිකට උඹ යනකොට
හනි හනිකට උඹ යනකොට
පාර කියන්නෑ තෝනෙන්
පාර කියන්නෑ කෙවිටෙන්

පුංචි කාලෙ උඹට බොන්න
එරිච්ච කිරි බිව්වලු මං
වත්ත පහල උඹේ පිනුම්
දැක්කම හිනැහුනාලු මං
ලාඩම් නැති උඹේ පා
කුර ගල් කන්දෙදි රිදෙන තරම්
උඹේ කදුළු මට කියද්දී
උඹට හොරා අඩනවා මං
පාර කියන්නෑ තෝනෙන්
පාර කියන්නෑ කෙවිටෙන්

ඉස්කෝලෙන් ශිල්ප අරං
මං ලොකු මිනිහෙක් වෙන්නම්
බිව්ව කිරට ඇද්ද බරට
කළගුණ මං සලකන්නම්
බැරි බර දෙන මේ වියකර
උඹේ කරෙන් ගලවන්නම්
උජාරුවට දුව පනිද්දී
ගෙජ්ජී වැලක් පලදන්නම්
පාර කියන්නෑ තෝනෙන්
පාර කියන්නෑ කෙවිටෙන්

පාන්දරින් ඉස්කෝලෙට ටැන්ටු කරත්තෙන්
තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන්
හනි හනිකට උඹ යනකොට
හනි හනිකට උඹ යනකොට
පාර කියන්නෑ තෝනෙන්
පාර කියන්නෑ කෙවිටෙන්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සරුංගලේ | Sarungale by Harshana Dissanayake [2020]

සරුංගලේ උඩ අහසේ පාවී යනවා
ඉද්ද ගහේ මල් පිපිලා සුළගේ වැනෙනවා
මාත් එක්ක පොඩි නංගි බලා ඉන්නවා
මේ වාගේ අපට නැහැනෙ
කියල හිතෙනවා

දෙවැට දිගේ පොඩි හඳයා පැන පැන යනවා
පුංචි මාළු වරල් සලා පීනා යනවා
මාත් එක්ක පොඩි නංගි බලා ඉන්නවා
මේ වාගේ අපට නැහැනෙ
කියල හිතෙනවා

සෙල්ලම් බත් උයන්න මට එපා කියනවා
ගං දෑලේ දුව පනින්න එපා කියනවා
වෙල් එළියේ දඟ කරන්න එපා කියනවා
එපා එපා කියන කියුම් නිතර ඇහෙනවා

මට ආසයි මලක් වෙලා සුවඳ ගෙනෙන්න
වලාකුළක් වගේ අහසෙ පාවී යන්න
ගහට වැලට කුරුල්ලන්ට කතා කරන්න
අපිට අපේ පුංචි ලෝකේ ඉන්නට දෙන්න

සරුංගලේ උඩ අහසේ පාවී යනවා
ඉද්ද ගහේ මල් පිපිලා සුළගේ වැනෙනවා
මාත් එක්ක පොඩි නංගි බලා ඉන්නවා
මේ වාගේ අපට නැහැනෙ
කියල හිතෙනවා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

අහිමි ප්‍රාණයට | Ahimi Pranayata by Lakshana Lakmini ft. Harshana Dissanayake & Thyaga Sewwandi [2020]

අහිමි ප්‍රාණයට
ප්‍රාණයක් සොයා
හිරිමල් විකසිත
නාබර යොවුන් වියේ
ලෝදිය කදුලු බිබී
ස්වප්නයක තවමත් පොපියනා
කිසා ගෝතමිය නුඹයි මගේ අම්මේ

දූලී පටල දෙපයේ
ඉහිරී තුරුලේ හොවාගෙන
හැම බව පමනක් දැනී ගියා
මට අම්මේ

අහිමි ප්‍රාණයට
ප්‍රාණයක් සොයා
හිරිමල් විකසිත
නාබර යොවුන් වියේ
ලෝදිය කදුලු බිබී
ස්වප්නයක තවමත් පොපියනා
කිසා ගෝතමිය නුඹයි මගේ අම්මේ

සිල්වතුන්ට ඔබේ හදෙහී
ප්‍රතිරාවය ඇහුනේ නැතිවාදෝ
ගුනවතුන් රිදෙන කන් පෙති තලා
අත දුන්නාද මගේ අම්මේ

අහිමි ප්‍රාණයට
ප්‍රාණයක් සොයා
හිරිමල් විකසිත
නාබර යොවුන් වියේ
ලෝදිය කදුලු බිබී
ස්වප්නයක තවමත් පොපියනා
කිසා ගෝතමිය නුඹයි මගේ අම්මේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

රාත්‍රිය නුඹ | Rathriya Numba by Shanika Sumanasekara ft. Harshana Dissanayake [2020]

රාත්‍රිය නුඹ ළඟ තියා
වසන්තය කඳුලින් ලියා
නුඹේ සුවිසල් ප්‍රේමයේ අහසේ
පුරහඳක් වී දිලෙන්නට පෙර
නුඹේ අහසින් බැස ගියා
මා.. නුඹේ අහසින් බැස ගියා….

අහස සඳ තරු විමානේ
පෙම් පහස විඳිනා සුයාමේ
අසනි වැස්සක් නුඹට දී
මා.. නුඹේ අහසින් බැස ගියා
නුඹේ අහසින් බැස ගියා….

ලියූ පෙම් ගී ඉකිගසා ….
යළි ඉන්න කිව්වත් නැවතිලා
යන්න නියමිත වූ නිසා ….
මා නුඹේ අහසින් බැස ගියා….
නුඹේ අහසින් බැස ගියා….

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

දැන් ඉතින් සමුගන්න | Dan Ithin Samuganna by Harshana Dissanayake [2018]

දැන් ඉතින් සමුගන්න
සිනා දෙතොලට ගන්න
දුක් කදුලූ සන්තාප
මගේ නමට පවරන්න

මල් කැකුලූ අග අඩන
පිණී කදුලූ මට දෙන්න
හැමදාම හැර නොයා ලග
රැදුනු මල් සුවද
ඔබ ගන්න

අතීතය මට දුන්නූ
එපා අරගෙන යන්න
හැමදාම මල් පිපී ඵල දරන
වසන්තය ඔබ ගන්න

මේ ගමන | Me Gamana by Harshana Dissanayake [2018]

මේ ගමන මග නතර විය යුතුයි
නෙතු සොරො දොර විදී
සුසුම් සැඩ සුලී ඇදී
මේ ගමන මග නතර විය යුතුයි

මෙතෙක් පැමිනිය දුරද හරි පුදුමයි
ගිමන් නිව්වෙත්
වැටුනු කදුලු තුලමයි
කොහේ යන්නද නොදැන
ඔහේ පැමිණිය ගමන
නිමා කල යුතු
එකම එක රිදුමයි

මේ ගමන මග නතර විය යුතුයි
නෙතු සොරො දොර විදී
සුසුම් සැඩ සුලී ඇදී
මේ ගමන මග නතර විය යුතුයි

සිතක් වෙලිලා
තැනූ සිහින අපමණයි
ඔබත් ඉබෙමයි
තවම මමත් මගේමයි
පතා පැමිනිය නුවන
තෙමා තුරවී වැටෙන
නිමා කල යුතු නෙතු කදුලු
බොහිමයි

මේ ගමන මග නතර විය යුතුයි
නෙතු සොරො දොර විදී
සුසුම් සැඩ සුලී ඇදී
මේ ගමන මග නතර විය යුතුයි
මේ ගමන මග නතර විය යුතුයි

දියබෙරලිය දළු | Diyaberaliya Dalu by Harshana Dissanayake [2020]

දිය බෙරලිය දළු නෙලන්න ගිය දා…
වැටුණු අනෝරා… මහ වරුසාවේ…
කිරිල්ලියක සේ… මා උණුසුම් කර
පෑව සෙනේ මට… මතකයි කිරිඅම්මේ.

හේලංකඩ යට. හීතල හෙවණේ…
අමල්බිසෝ ගැන. කතා කියා දී…
ඇගිලි තුඩින් මගෙ… හිස සනසාපං
නිවන් පුරේ ගිය… පෙම්බර කිරිඅම්මේ…

වැලිපිල්ලෑවේ… ඔබේ නමින් තව
ඉද්ද පිපෙනවා… හැන්දෑවේ…
ගරා වැටී ගිය… බුලත් පන්දලම්
කදුලු සලනවා… සංකාවේ..

දිය බෙරලිය දළු නෙලන්න ගිය දා…
වැටුණු අනෝරා… මහ වරුසාවේ…
කිරිල්ලියක සේ… මා උණුසුම් කර
පෑව සෙනේ මට… මතකයි කිරිඅම්මේ.
වියන් ඇදේ මා… තනිව නිදද්දී…
නුබේ සුවද මයි. දැවටෙන්නේ…
අනෝතප්ත විල්… තෙරේ ඉදන් නුබ.
හිනාවෙයන් මට… කිරිඅම්මේ…

දිය බෙරලිය දළු නෙලන්න ගිය දා…
වැටුණු අනෝරා… මහ වරුසාවේ…
කිරිල්ලියක සේ… මා උණුසුම් කර
පෑව සෙනේ මට… මතකයි කිරිඅම්මේ.

හේලංකඩ යට. හීතල හෙවණේ…
අමල්බිසෝ ගැන. කතා කියා දී…
ඇගිලි තුඩින් මගෙ… හිස සනසාපං
නිවන් පුරේ ගිය… පෙම්බර කිරිඅම්මේ..

හීන පේන හැම රෑකම | Heena Pena Hama Rekama by Harshana Dissanayake [2019]

හීන පේන හැම රෑකම වෙන කාටත් නොකී
ලේන කුලේ සිට නුබ මට යශෝදරාවකි
නීල නුවන් යුග නොපියා තනි යහනේ සිටි
ආලවන්තකම ළදුනේ පාරමිතාවකී….

පේරැස් මුදුවක් පළදන නැකතක් නොයෙදුනේ
මේ වස්දඩු රාවය මැද නුබ සිහිනෙන් පෙනේ
පාලොස්වක සද ඉල්ලා මාසෙ පෝය දිනේ
මේ ඇස් දෙක ළග නාඩන් එතකොට දුක දැනේ….

පේළි සැදී දළදා වැද මට හිනැහුන රැයේ
මාලිගාව මගේ වගේ දැනුනා සොදුරියේ
වාවගන්න බැරි තනිකම හිරකර මගෙ ලයේ
ජීවිතේම හොරු අරගෙන කොහෙදෝ නුබ ගියේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here