දගකාරී | Dagakaari by JTSP Boy [2024]

Sinhala song lyrics with music notes illustration

දගකාරී පෙම තවරන්න
රෑ යාමේ තනිවෙන්න
ආසයි මා කාටත් හොරා..

මා ගාවින් තව වෑහෙන්න
ලග දැවටී සිපගන්න
පෙම් හාදු දෙකපුල් තෙමා

රෝස කැලෙන් පාවෙලා
ආවාදෝ මේ අංගනා…
ඉදි නුබ ලග දැවටිලා

ලස්සන නුඹේ දෙනුවන් දැක
හිත ගැස්සීලා යාවී මාගේ දගකාරී
එක බැල්මෙන් සදේ මා හද නවතාවී

අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා
සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා…

හිත ගැස්සීලා යාවී මාගේ දගකාරී
එක බැල්මෙන් සදේ මා හද නවතාවී

අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා…

කෙල්ලේ නුඹයි මගේ දගකාරී
මං කැන්දන් යන්නම් හදපානේ මනමාලි
මේ හදේ ප්‍රේම ගින්නනම් නොනිමේවි
අස්සෙන් නෙමේ නෙතු අගින් ප්‍රේම ඉගි දේවි

ඔය රුවට ඇන්දම හැඩයි සාරී
දෙව්ලියන් පවා පරදයි ඔය හැඩනාරි

තාරුකා වගේ නෙතුවල දිස්නේ
ඔය දඩබ්බර හිනාවයි කරේ මාව පිස්සෙක්
ඉන්න බෑද මගේ ලගින් හැමතිස්සේ
ඔය ලස්සන දැක හද ගැස්සේ

ලස්සන නුඹේ දෙනුවන් දැක හිත
ගැස්සීලා යාවී මාගේ දගකාරී
එක බැල්මෙන් සදේ මා හද නවතාවී

අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා…

ගැස්සීලා යාවී මාගේ දගකාරී…

දගකාරී පෙම තවරන්න
රෑ යාමේ තනිවෙන්න
ආසයි මා කාටත් හොරා..

මා ගාවින් තව වෑහෙන්න
ලග දැවටී සිපගන්න
පෙම් හාදු දෙකපුල් තෙමා

රෝස කැලෙන් පාවෙලා
ආවාදෝ මේ අංගනා…
ඉදි නුබ ලග දැවටිලා

ලස්සන නුඹේ දෙනුවන් දැක…

Written by Janith Tharusha

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply