දෙඅත් අහිමි මං | Death Ahimi Man by Chamara Weerasinghe

දෙඅත් අහිමි මං ඔබෙ අත කෙලෙස ලබන්නද
දෙඅත් තිබුණු දා බැඳි පෙම කෙලෙස බිඳින්නද

දෙඅත් අහිමි මං ඔබෙ අත කෙලෙස ලබන්නද
දෙඅත් තිබුණු දා බැඳි පෙම කෙලෙස බිඳින්නද

මංගල මුදු පළඳන්නට අත් නැති හින්දා
අවමන් විඳ දුක් දෙයි මතුවට මං හින්දා
මංගල මුදු මගේ හිතේ පැලදෙන හින්දා
ඔබ තනිකර යන්නෑ මං බැඳි පෙම හංගා

දෙඅත් අහිමි මං ඔබෙ අත කෙලෙස ලබන්නද
දෙඅත් තිබුණු දා බැඳි පෙම කෙලෙස බිඳින්නද

දෙඅත් අහිමි මං ඔබෙ අත කෙලෙස ලබන්නද
දෙඅත් තිබුණු දා බැඳි පෙම කෙලෙස බිඳින්නද

යුධ පිටියේ යුධ වැදුනේ රට දැය හින්දා
දෑත් දෙකම අහිමි උනෙත් යුධ ගිනි හින්දා
ඔබ තනිවී නෑ පෙම්වත අත් නැති හින්දා
දිවිය පුරා මම ඉන්නව ඔබ මගෙ හන්දා

දෙඅත් අහිමි මං ඔබෙ අත කෙලෙස ලබන්නද
දෙඅත් තිබුණු දා බැඳි පෙම කෙලෙස බිඳින්නද

දෙඅත් අහිමි මං ඔබෙ අත කෙලෙස ලබන්නද
දෙඅත් තිබුණු දා බැඳි පෙම කෙලෙස බිඳින්නද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *