දිවිය පුරා | Diwiya Pura by Ranidu

Sinhala song lyrics with music notes illustration

උණුසුම් වු මේ කුරිරු ලොවේ
ඇයි ද මා මෙසේ තනි කෙරුවෙ
මා ළය උණු වී හඩා වැටෙන විට
ඔබ වෙනතක දැන් බලාවිදෝ
දිවිය පුරා මා ඔබ රකිමි
මනුදම් ගුණදම් කියාදෙමි
ඔබ මගෙමයි මා ඔබෙමයි
සසර පුරා… අප සිටින තුරා

ගලා හැලෙන නිල් නදිය ඔබයි
දෝරෙ ගලා යන සෙනෙහෙ ඔබයි
හිමිදිරි උදයේ සුවය ඔබයි
මගේ දිවියේ හිමි කාරි ඔබයි

ගලා හැලෙන නිල් නදිය ඔබයි
දෝරෙ ගලා යන සෙනෙහෙ ඔබයි
හිමිදිරි උදයේ සුවය ඔබයි
මගේ දිවියේ හිමි කාරි ඔබයි

අදුරු වූ මේ සැහැසු ලොවේ…
ඔබයි මමයි අලෝකය වේ…
ආදරයට ලෝකය හඩනා විට
ඔබයි මමයි වෙනතක යාදෝ…
ගහ කොළ ඇළ දොළ අපේ තමයි
පුංචි පැටවු රැළ අපේ තමයි
මා මෙන් ඔබ මෙන් අපේ ලෝකයත්
රැකෙන්නේ අප රැකුණොත් පමණයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply