දිවුරාලා පවසන්න | Diwrala Pawasanna by Centigradz

දිවුරාලා පවසන්න මට ආදරෙයි නම්
මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්
එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක්කල්
ඔබමයි මගේ සෙනෙහේ නෑ දෙන්නෙ කාටත්

හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා
සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ

සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා
ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා
සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා
ඕ, නිදියන්න මගේ මැණික මට තුරුලු වීලා

හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා
සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *