දැනුනා | Danuna by Centigradz [2021]

Sinhala song lyrics with music notes illustration

උන්මාදේ ප්‍රේමාදරේ
පෙම් හීන සිත්තම් කලේ
දුන්නාට සිත සාගරේ
රැදුනාද ඒ ආදරේ
ලං වෙලා ආදරෙන්
ඉන්නම් කියා මා ලගින්

දැනුනා ඒ වේදනා ආදරේ
දැල්වුනා ඒ වේදනාවන් හදේහි
දැල්වුනා

දැනුනා ඒ වේදනා ආදරේ
දැල්වුනා ඒ වේදනාවන් හදේහි
දැල්වුනා

නවුකාවක් වී හද පැදයන විට
එය වේදනාවක් වී අද
නොපෙනෙනෙ විමානයක තනිවී
එතෙර වෙයිද සංසාරෙත් භවයක
හීනයකත් අවිනිශ්චිත බව
සගවා යන්නට හිතුනද තනියම

මාරුතයක් මට්ටු කරන කොට
පොතේම පිටු පෙරලෙනවා එක දෙක
ආදරයක් පාරිශුද්දනම්
ඇයි ආදරය රිදුම් දෙන්නේ

වේදනාව ආව නාව කාරනාව
දැන් දැන දැන දුක් දුන්නේ
හිතුවා මං දහස් වතාවක්
ඒකත් සුන්දර හරස් කතාවක්
ඇතැමුන් අසනවා අපි ගැනමා
සොයනවා උත්තර මං හැමතැනම

දෑස වැසෙන තුරා
පැතුවාද ඒ ආදරේ
ඈත සංසාරයේ
සෙව්වාද ඒ ආදරේ
ලං ලං වෙලා ආදරෙන්
ඉන්නම් කියා මා ලගින්

සීත නලරැල් පවා
ඉගි පෑව ආදරේ
රෑක තනිමංසලේ
ගොලුවීද ආදරේ
ලං ලං වෙලා ආදරෙන්
ඉන්නම් කියා මා ලගින්

දැනුනා ඒ වේදනා ආදරේ
දැල්වුනා ඒ වේදනාවන් හදේහි
දැල්වුනා

දැනුනා ඒ වේදනා ආදරේ
දැල්වුනා ඒ වේදනාවන් හදේහි
දැල්වුනා

උන්මාදේ ප්‍රේමාදරේ
පෙම් හීන සිත්තම් කලේ
දුන්නාට සිත සාගරේ
රැදුනාද ඒ ආදරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply