එක දවසක් මට | Eka Dawasak Mata by Chamara Weerasinghe

Sinhala song lyrics with music notes illustration

එක දවසක් මට ඉස්සර වාගේ
ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න
තව එක දවසක් හදවත මාගේ
සුවඳින් ඔබගේ සරසන්න …. සරසන්න
එක දවසක් මට ඉස්සර වාගේ
ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න

සිතුවේ හද ඔබ ගැන විතරයි
ඒ හින්දා වෙන්වන්න දුකයි
සෙනෙහස දෙන්නට ළංවී ඉන්නට
මට නම් ඉන්නේ ඔබ විතරයි
මට නම් ඉන්නේ ඔබ විතරයි

එක දවසක් මට ඉස්සර වාගේ
ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න

පැතුවේ හද ඔබවම විතරයි
ඒ හින්දා සමුගන්න දුකයි
නිදි නැති මුළු රෑ ඔබ ගැන සිහිවී
කඳුළැලි සැලුවේ මම දුකටයි

එක දවසක් මට ඉස්සර වාගේ
ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න
තව එක දවසක් හදවත මාගේ
සුවඳින් ඔබගේ සරසන්න …. සරසන්න
එක දවසක් මට ඉස්සර වාගේ
ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply