ඉලක්කය | Elakkaya by Senaka Batagoda [2022]

Sinhala song lyrics with music notes illustration

නාඩන් කැකුල
යලි යලි දැනෙනවා වැස්ස
ඉඩෝරයට හැමදාමත් නැහැ අහස

විසිරිලා
කෑලි කෑලී වලට
ගියා සෑම දෙයම
නොපිරෙනා සෙනෙහසේ සුවද
තියෙනවා දිගටම
හැම අතටම
ජීවත් වෙන
කාලය තුල අපිලිවෙලට

කාලය යන්නේ නැහැ
එය එකතැනම වගෙයි
දිගටම හිතනකොට
එහෙමත් දැනුනා වගේ

සැගවිලා කරපු හෑමදේම
එලියට එනකොල
සැගවිලා ඉන්න
තැන් හෙව්වට
පලක් තියෙනවද
පුදුමය මේ දිග
නොදැනෙන එක
ජීවිතයට

හදවත එලිය මිස
කිසිවක් ඕනෙ නැත
හිතකට ආදරය වාගේ
බැදිලා ඇත

අපි සිතාසිටිය ලෝකය
ලග ලගම දැනෙන කොට
විද දරාගන්න බැරි විදිහට
දිලිසෙයි හැමතැන
සාමය
සමගිය
ගෙනයයි ඉලක්කයට

Written by Senaka Batagoda

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply