ගවහලේ පිදුරු මිටිය | Gawahale Piduru Mitiya by Rookantha Gunathilaka

Sinhala song lyrics with music notes illustration

ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණානම්
ගවහලේ වසු පැටියෙකු මට වෙන්නට තිබුණානම්
මා කෙතරම් වාසනාවන්තද
මා කෙතරම් සන්තෝසද
අප රටේ නත්තල් දා සාමය තිබුණානම්

වට පිළි දවටා විලවුන් ඇඳලා යනවා අපි පල්ලි
රත්තිඤා පුපුරා රුපියල් වනසා මත වී සතුටු වෙවී
ගිනිගෙන දැවෙනා වැලිකතරේ නත්තල නැවතීලා
තල් අතු මැදුරේ හෙණ හඬේ නත්තල නැවතීලා
පොඩ්ඩක් හිතන්න සුමිතුර අප රටේ උතුර

ගවහලේ තරු කිරණක් මට වෙන්නට තිබුණානම්
ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණානම්

ආසියාවේ ඉපදුණු ජේසු අපේ රටට එන්න
සැවොම බලාගෙන ඉන්නේ සමිඳුනි ඔබ එනතුරු ලොවට
කුසගිනි දැවෙන පැල්පතේ නත්තල තනිවීලා
යුධ ගිනි නැගෙන නගරයේ නත්තල නැවතීලා
පොඩ්ඩක් හිතන්න සුමිතුර අප රටේ උතුර

ගවහලේ පිදුරු මිටිය මට වෙන්නට තිබුණානම්
ගවහලේ තරු කිරණක් මට වෙන්නට තිබුණානම්
මා කෙතරම් වාසනාවන්තද
මා කෙතරම් සන්තෝසද
අපි කෙතරම් සන්තෝසද

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply