ගිනි කඳු පුපුරන | Gini Kandu Pupurana by Rookantha Gunathilaka

Sinhala song lyrics with music notes illustration

ගිනි කඳු පුපුරන ඒ ගිගුම් දිනේ ළඟයි
හිම කඳු දියවන ඒ සුසුම් දිනේ ළඟයි
තරු කට දිලිහෙන ඒ එන දිනේ ළඟයි
ඒ නිසා ඒ ආදරේ පමා කරන්න එපා
ඒ නිසා ඒ ආදරේ පමා කරන්න එපා…

අප දෑස පේනවා දෙසවන්ද ඇසෙනවා
කුසගින්න මැවෙනවා රස එමට තියෙනවා
ජීවිතේ ඔහේ ගෙවන දුගී පැලේ කඳුලේ ලුණුත් නැතේ
වළඳෙත් මුකුත් නැතේ…

Time is strong with me
Sun and moon to disappear
Don’t wait until tomorrow
Love the ones in sorrow

මෙලොවේ වසනා අපි හැමෝම මිනිසුන් උතුම්
ඒ බව දැනගෙන දෙමු එකිනෙකාට සැනසුම් සුසුම්
කඳුලක් නවතා සිනහව ගෙනදෙමු නම් හැබැහින්
යන විට කිසිවක් ගෙනියන්නේ නැත්තං ඉතින්
යන විට කිසිවක් ගෙනියන්නේ නැත්තං ඉතින්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply