හැන්දෑව | Handawa by Thilan Dimuthu Rajapaksha ft. Tharindu Damsara

Sinhala song lyrics with music notes illustration

ඉතිං ඒ හැන්දෑව තිබුණදෙන් මංගාව
අඳුර තව වැඩිවේවි දැනුණදෙන සංකාව
හදෙහිගෙල සිරකරමි මත විදුලි පංකාව
ඇස් අගයි තියෙන්නේ වේදනා ගංගාව

දැන් ඉතින් නුඹට හැක සියලු දේ දැනගන්න
අවැසිනම් ඒ තුළින් මොනවහරි මැනගන්න
සිතුවමක් අඳින්නට මුකුත් නෑ අරගන්න
අමතකම නොකර නුඹ කැඩපතක් ගෙන

ජීවිතේ වන්දනා ගමනක ප්‍රේමයෙන් පුදසුනක් වැන්දම
ලිහායන්නට උනත් පුලුවන් මතක මිටිකර අකුරු බැන්දම
මනෝරාජික පෙම් කතාවල ප්‍රතිඵලය මහ නපුරු හින්දම
සිත්තරෙක් වුව මැරී වැටෙනවා ඒ වගේ සිතුවමක් ඇන්දම

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply