හතර කේන්දරේ | Hathara Kendare by Shihan Mihiranga [2011]

Sinhala song lyrics with music notes illustration

හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදී
දැනුනේ නෑ මට නම් පාලූ
ග්‍රහයෝ නතුවාලු නුඹගේ නිසි පරිදී
මට නම් නෑ ඔබේ අඩු පාළු….

මේ දුරු ගමනේ මගෙ දෑතේ වෙලිලා
භවයේ සැරිසරා එක්වෙලා
පෙම් දිවි සටනේ නොයමී පැරදිලා
මම නුඹ ගත්තෙමි දිවුරා…..

දුර අහසේ තාරකා ඇයිදෝ නුඹව තනි කරලා
දුර අහසේ තාරකා ඇයිදෝ නුඹව තනි කරලා
මල් වැල් ගොතා ඔබේ දෙවුරේ හොවා
රැක ගන්නේ මගේ ප්‍රාණයෙන්
ග්‍රහදොස් මකා මා ප්‍රේමයේ දොවා
නුඹ ඉන්නේ සදා මා ලඟින්…..

හතර කේන්දරේ පාලුයි කියලා……

පින් පෙත් පුරණා සදනා ලෝකයක්
දැක්කා නුඹගේ දෑසේ මා
එක්වී ගෙවනා හැම මොහොතක් පාසා
නුඹගේ තුරුලේ හිඳීමී මා…..

written by Manuranga Wijesekara

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply