ඉඟුරු වගේ | Inguru Wage by Damith Asanka

Sinhala song lyrics with music notes illustration

ඉඟුරු වගේ හිත පොඩිකරගන්න එපා ප්‍රියාදරී
වසඟ වෙලා නුඹේ සිතට රහට දැනෙයි සුබාසිරි
පහල වත්තේ කෝලිකුට්ටු පීදනවා ප්‍රියාදරී
පැලට වරෙන් දෙයියෝ මගේ ඉන්න හැකි සිනා සිසී

දිවුල් ගහේ දිවුල් පිරිලා ඒවත් බිම වැටෙනවා
නෙල්ලි ගහට පිස්සු හැදිලා වැලි වාගේ වැටෙනවා
මාල ගිරව් ප්‍රේම ගීත පැලට උඩින් ගයනවා
මොක තිබුණත් මොකටද දැන් නුඹවම හිත හොයනවා

ඉඟුරු වගේ හිත පොඩිකරගන්න එපා ප්‍රියාදරී
වසඟ වෙලා නුඹේ සිතට රහට දැනෙයි සුබාසිරි
පහල වත්තේ කෝලිකුට්ටු පීදනවා ප්‍රියාදරී
පැලට වරෙන් දෙයියෝ මගේ ඉන්න හැකි සිනා සිසී

රතු හාලේ නාඩු බතට මිරිස් මාළු ඉදෙනවා
මෑ වැල් වල කරල් පිරිලා ඒවා එතන පැහෙනවා
සිදාදියට එක්ක යන්න කාසි මටත් තියෙනවා
මොක තිබුණත් මොකටද දැන් නුඹවම හිත හොයනවා

ඉඟුරු වගේ හිත පොඩිකරගන්න එපා ප්‍රියාදරී
වසඟ වෙලා නුඹේ සිතට රහට දැනෙයි සුබාසිරි
පහල වත්තේ කෝලිකුට්ටු පීදනවා ප්‍රියාදරී
පැලට වරෙන් දෙයියෝ මගේ ඉන්න හැකි සිනා සිසී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply