ඉවසිල්ලක් නෑ | Iwasillak Na by Upali Kannangara

Sinhala song lyrics with music notes illustration

ඉවසිල්ලක් නෑ.. දකින තුරා

ඔය සුදු මූණ නුඹේ..
සැනසිල්ලක් නෑ.. ලැබෙන තුරා
මට ඔය දෑත නගේ..
ඇස්වහ නෑ කටවහ නෑ..
නුඹේ රෑපෙට උපමා නෑ..
මනලෝල හිනාවට ආස වෙලා මගේ
සිත උන්මාද වෙලා..

ඉවසිල්ලක් නෑ.. දකින තුරා
ඔය සුදු මූණ නුඹේ..
සැනසිල්ලක් නෑ.. ලැබෙන තුරා
මට ඔය දෑත නගේ..

දුටුව දිනේ.. මන බැදුනේ…
නුඹ දගකාර නිසා…
තවත් අගේ.. වැඩි වෙන්නේ..
ආඩම්බර හින්දා…
හදක් වගේ.. සුදු මුහුණේ..
දිලෙන හිනා දැකලා..
මටත් හොරා බොලද මගේ..
සිත මනමාල වෙලා..

ඉවසිල්ලක් නෑ.. දකින තුරා

ඔය සුදු මූණ නුඹේ..
සැනසිල්ලක් නෑ.. ලැබෙන තුරා
මට ඔය දෑත නගේ..

මල් වයසේ.. සමනලියේ..
නුඹේ ආදරය පතා…
මතුවන්නේ.. හද පතුලේ ..
ඇති ආදරය නිසා…
හැම මොහොතේ ..ලතැවිල්ලේ ..
මම ඉන්නේ.. ඉවසා
හැංගෙන්නේ… ඇයි කෙල්ලේ ..
ආදර හිත හංගා…

ඉවසිල්ලක් නෑ.. දකින තුරා

ඔය සුදු මූණ නුඹේ..
සැනසිල්ලක් නෑ.. ලැබෙන තුරා
මට ඔය දෑත නගේ..
ඇස්වහ නෑ කටවහ නෑ..
නුඹේ රෑපෙට උපමා නෑ..
මනලෝල හිනාවට ආස වෙලා මගේ
සිත උන්මාද වෙලා..

ඉවසිල්ලක් නෑ.. දකින තුරා
ඔය සුදු මූණ නුඹේ..
සැනසිල්ලක් නෑ.. ලැබෙන තුරා
මට ඔය දෑත නගේ..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply