පාරට කිට්ටුව | Parata Kittuwa by Upali Kannangara

පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ රට වටිනා ලිය දෙල් නෙලනා
අතේ තිබුනු රන් සුලැඟිලි තණ්ඩිය අත්තෙං අත්තට මාරු වෙනා
අත්තෙං අත්තට මාරු වෙනා
කනේ තිබුනු රන් පුස්කොල තෝඩුව ගුවන් තලේ උඩ නාද කරනා
අම්මාට පින් ඇත මේ දුව තැනුවාට

මහ මුහුදේ බැස දිය නානා
මහ මුහුදේ බැස දිය නානා
මුහුණ මුකුළු මුවරද ළඳුනේ මගෙ මුහුණ බලන්නැති කරුණ කිමා
මුහුණ පිරූ යස සිනා මකා නුඹ
මුහුණ වසන් කල කරුණ කිමා
මුහුණ කන්න ආ රකුසෙකු නොව මම මුහුණ බලාපන් මෙන්න මෙමා
මුහුණ බලාපන් මෙන්න මෙමා

ඉන්න හිටින්නට ගේ දොර ඇත මට සොරබොර වැව් ඉස්මත්තෙ
සොඳින් කන්න අඳින්නට දෙන්නට හැක මට අම්මට බය නැති වෙන්ට කියන්
දෙන්න කියන් කරකාරෙ බඳින්නට නැකතට එන
බක් මහට කලින් නැකතට එන බක් මහට කලින්
පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ රට වටිනා ලිය දෙල් නෙලනා
අතේ තිබුණු රන් සුලැඟිලි තණ්ඩිය අත්තෙන් අත්තට මාරුවෙනා
අත්තෙන් අත්තට මාරුවෙනා
කනේ තිබුණ රන් පුස්කොල තෝඩුව ගුවන් තලේ උඩ නාද කරනා
අම්මාට පිං ඇත මේ දුව තැනුවට
මහ මුහුදේ බැස දිය නානා
මහ මුහුදේ බැස දිය නානා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *