ජේසුනී ඔබට ආදරේ | Jesuni Obata Adare by Rookantha Gunathilaka

Sinhala song lyrics with music notes illustration

ජේසුනී ඔබට ආදරේ
පව්කාරයා මං
මා සිතේ මටම වද දෙනා
පව්කාරයා මං

ඔබෙ දෙසුම් අසන්නට ආසයි
ඒ පණත් රකින්නට ආසයි
ඔබ වාගෙ ඉන්නටත් ආසයි
ඒ වුණාට බාධක බෝමයි
ඒ වුණාට බාධක බෝමයි…

ජේසුනී ඔබට ආදරේ
පව්කාරයා මං

මං සීල සමාදන් වෙනවා
පාපෙට යළි යළි වැටෙනවා
සතුරන්ට සමාවත් දෙනවා
යළි ඔවුනට බැණ වදිනවා
ඉඳහිටලා දන් දෙනවා
දීලා අඬ බෙර ගහනවා
දුක දහදිය හොරකම් කරනවා
ඉන් පස්සෙ මම රජ වෙනවා

ජේසුනී
මා සිතේ මටම වද දෙනා
පව් කාරයා මං

ජේසුනී
ඔබෙ දයාව අයදිනා
පව් කාරයා මං

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply