කළු ලිලී මල් කැකුලී | Kalu Lily Mal Kakuli by Rookantha Gunathilaka

අළු පාට හැන්දෑවක
සුදු පාට මල් යායක
කිරි සිනා කැටිව මුව අග
කළු පාටට ඔබ පිපුණා
කළු ලිලී මල් කැකුලී..

විල් දියේ නිල් ජලමත
වලාකුළු මෙන් පාවෙන
සුදු හංස රෑනක් මැද
කළු පාටට ඔබ දිලුනා
කළු හංස රූ රැජිනී

සුදු හුණින් පිරියම් කල
බොල් පිළිම දහසක් මැද
සෙල්මුවා පිළිමයව ඔබ
කළු දිය පොකුණ ගාවා
දැකුම් කළුවට සිටියා

දැහැන්ගත සිත මිඳුනා.…
දැකුම් කළු වෙත බැඳුනා
සෙනනේහෙන් එය වෙළුනා
කළු ලිලී මල් පිපුණා

Leave a Reply