කාල යෂෝණිය | Kaala Yashoniya by Amashani Herath [2021]

Sinhala song lyrics with music notes illustration

දුමෙන් වැහී ගිරි හෙලක් වැනී
නර පණුවෙක් සිටී දෙවි මුලට ගැහී
කබලක් ගෙන යටි බඩින් වැහී
අපලෙට සිදු කල යාගෙන් හිනැහී

පනම් හතර දෙයියගෙ බඩ පාමුල
පැටිය අඩයි කිරි එරෙන තාලයට
නිදන් පිටියේ හොල්මන් කර ඇරගෙන
කපුවා නටයි වන්නම වටකරගෙන

මාගේ දේව කන්නලවු අසා
ප්‍රේත භූත සර්ව දෝෂයෝ
කෝපී ව යවත් වා….

කාමී මදන රාගිනී
මෝහන නීල යක්ඛණී
මුසපත් ව යෙත් වා…

අහස පොළව දෙබෑ වී
සත්ගව් සත් මුහුදු පරයා
සකල කාමයෝ
සරීර මනස්පත පුරා දිවෙත් වා

ඇඳිරි වැටෙනකොට පන්දම් එලියට
යක්බෙර තාලෙට දෙපා වැනෙනකොට
යක්කුත් දෙයියොත් තක දොං රාගෙට
පැනපං මයිනෝ බයිලා කියාගෙන

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply