කවුරුත් එන්නැති කවුරුත් දන්නැති
මල්පෙති ඉහිරුනු මල් පාරේ
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහි වැලපෙමු අපි ආයේ
සඳකැන් බොඳවුනු වළා කැදැල්ලේ
තරුකැට අහුරක් සිනා මෝදුකර
කඳුලින් ඉපදුන ඉන්ද්‍රචාපයේ
උදා නොවන සිහිනයක් දකින්නට
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහි වැලපෙමු අපි ආයේ
සියොලඟ මිහිදුම් සළු අතුරාලා
මන්දාකිණියේ ඔබ හිනැහෙද්දී
උදා ළහිරු සේ මිහිදුම සඟවා
නොකී රහස් දෙනයනට කියන්නට
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහි වැලපෙමු අපි ආයේ
කවුරුත් එන්නැති කවුරුත් දන්නැති
මල්පෙති ඉහිරුනු මල් පාරේ
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහි වැලපෙමු අපි ආයේ