ලෙලි තලන නුඹේ | Leli Thalana Numbe by Gunadasa Kapuge

Sinhala song lyrics with music notes illustration

ලෙලි තලන නුඹේ අතට
රන් මුදුව ගොරහැඬි ද දෝණි
සෙනසුරුට පෙම් බඳින දෝණි

නෙලූ රන් කෙඳි අතුලා යහනේ
ප්‍රේමයේ ඇට සැකිලි සැතපේ
මනමාලකම් කරන නිවට දුප්පත්
කුමරු බින්න බැහැලා ගෙපැලේ

ලෙලි තලන නුඹේ අතට
රන් මුදුව ගොරහැඬි ද දෝණි
සෙනසුරුට පෙම් බඳින දෝණි

ලෙලි දමන පල් වතුර පොකුණේ
රන් පියුම නැතිද තව පිපුණේ
තලා පත් දෝණියේ ඉඟි මරන
කුරිරුකම් සෙනසුරා හැර දුවයි අපලේ

ලෙලි තලන නුඹේ අතට
රන් මුදුව ගොරහැඬි ද දෝණි
සෙනසුරුට පෙම් බඳින දෝණි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply