in Mahazona, Roshan Fernando, Sinhala Rap

ළඳේ | Lande by Roshan Fernando ft. Mahazona [2024]

සද සලුව විලස ළදේ
දෑසම සරසන ළදේ
තාලෙට රගනා ළදේ
වත ලෙලෙන දිලෙන ළදේ

හැඩ නිතබ සලන ළදේ
රන තිස නලියන ළදේ
පෑ ඉගි ගෝමර ළදේ
දුටුවම පිනවන ළදේ

හදවතේ වෙලෙන සරා කුසුම
සිනා සලුව සැලේ
මිනි කැටේ ලෙලෙන රැයේ දිලෙන
සරාගි සඳ ළඳේ
මදු සඳේ කිරන වලා පෙළට
කතා මවන රැයේ
ඉඟි සලා නයන නුරා පවන
සුරූපි දෙව්ලියේ

වත මුකුලු කරන ළදේ
නාදලු දෙතොලෙම ළදේ
රූබර පැහැසර ළදේ
සද වගේ නාබර ළදේ

රතු දෙතොල උමතු ළදේ
සීගිරි සිතුවම ළදේ
ආදර සේසත ළදේ
මනහර සොබනිය ළදේ

හදවතේ වෙලෙන සරා කුසුම…

ඉටි රූපේ හැඩ පරාදයි ලු
දෙවගනක් ඇය ඇස්වහක් නැති
සදක් ඇය පායපු සිරිකතක් ඇය
රන මොනරි වැනිය

රන් කෙන්දෙන් බැදි අතැගිලි
නොගැලපේවි මේ ආත්මයේ බැදි
චිත්‍රයක් වැනි පින්තාරු කෙරුව
රූබර නුබ නේද මොනාලිසා
සිතුවමේ ඉන්න

සුබ නැකතට මට
ගැලපෙනම කෙනා
අද අතිනත ගෙන
සංසාරෙන් පැතු ආදරයට
සුබ පැතුමක් ඉතිරි
කරකාරෙට ගෙන දීගෙක යන
යුවලට දිගාසිරි

හදවතේ වෙලෙන සරා කුසුම…

written by Shehan Galahitiyawa

banner

Leave a Reply