ළඳේ | Lande by Roshan Fernando ft. Mahazona [2024]

Sinhala song lyrics with music notes illustration

සද සලුව විලස ළදේ
දෑසම සරසන ළදේ
තාලෙට රගනා ළදේ
වත ලෙලෙන දිලෙන ළදේ

හැඩ නිතබ සලන ළදේ
රන තිස නලියන ළදේ
පෑ ඉගි ගෝමර ළදේ
දුටුවම පිනවන ළදේ

හදවතේ වෙලෙන සරා කුසුම
සිනා සලුව සැලේ
මිනි කැටේ ලෙලෙන රැයේ දිලෙන
සරාගි සඳ ළඳේ
මදු සඳේ කිරන වලා පෙළට
කතා මවන රැයේ
ඉඟි සලා නයන නුරා පවන
සුරූපි දෙව්ලියේ

වත මුකුලු කරන ළදේ
නාදලු දෙතොලෙම ළදේ
රූබර පැහැසර ළදේ
සද වගේ නාබර ළදේ

රතු දෙතොල උමතු ළදේ
සීගිරි සිතුවම ළදේ
ආදර සේසත ළදේ
මනහර සොබනිය ළදේ

හදවතේ වෙලෙන සරා කුසුම…

ඉටි රූපේ හැඩ පරාදයි ලු
දෙවගනක් ඇය ඇස්වහක් නැති
සදක් ඇය පායපු සිරිකතක් ඇය
රන මොනරි වැනිය

රන් කෙන්දෙන් බැදි අතැගිලි
නොගැලපේවි මේ ආත්මයේ බැදි
චිත්‍රයක් වැනි පින්තාරු කෙරුව
රූබර නුබ නේද මොනාලිසා
සිතුවමේ ඉන්න

සුබ නැකතට මට
ගැලපෙනම කෙනා
අද අතිනත ගෙන
සංසාරෙන් පැතු ආදරයට
සුබ පැතුමක් ඉතිරි
කරකාරෙට ගෙන දීගෙක යන
යුවලට දිගාසිරි

හදවතේ වෙලෙන සරා කුසුම…

written by Shehan Galahitiyawa

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply