ලස්සනයි | Lassanai by Stephanie Sansoni [2021]

සුදු මල් කැකුලක් සඳු පරදා
හිරු සමගින් උදයම පායා
ඔබ දිහා බලා මා හට ඉඟි කලා
කුලුදුල් හැඟුමන් සිත පරදා
රහසේ දෙතොලින් මුමුනා

ලස්සනයි බලන්න ලස්සනයි
දකින්න ලස්සනයි අහන්න ආසයි
ආදරේ ඔයාට ආදරේ
කුනාටු සාගරේ තරම් විශාලයි

සුර අඟනුන් ඔබේ රූ දැකලා
මන ලොල් හැඟුමින් ගී ගයලා
සුර සුසුම් හෙලා මා හට ඉඟි කලා
සිහිවන විට ඔබ දුටු මොහොතේ
ගිගුරුම්, දෙයි මගෙ, ආදරේ

ලස්සනයි බලන්න ලස්සනයි
දකින්න ලස්සනයි අහන්න ආසයි
ආදරේ ඔයාට ආදරේ
කුනාටු සාගරේ තරම් විශාලයි

මා දෑතින් ඔබේ අත අල්ලා
හැඟුමන් ගඟුලේ නැහැවීලා
ඔබ මගේ වෙලා මා අද ඔබේ වෙලා

ලස්සනයි බලන්න ලස්සනයි
දකින්න ලස්සනයි අහන්න ආසයි
ආදරේ ඔයාට ආදරේ
කුනාටු සාගරේ තරම් විශාලයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *