මාගේ දෑසින් | Mage Desin by Viraj Perera ft. Dilrukshi Perera

Sinhala song lyrics with music notes illustration

මාගේ දෑසින් වැටෙනා හැම කදුලක් පසා මට සිහිවෙන්නේ
ඔබගේ ආදරේ මැවිලා අද ආයේ
කොපමණ සිතුවිලි එක්විලා බැහැ ඔබ මතකෙන් මුදවන්න
ඔබගේ ආදරේ මැවිලා අද ආයේ

මාගේ දෑසින් වැටෙනා හැම කදුලක් පසා මට සිහිවෙන්නේ
ඔබගේ ආදරේ මැවිලා අද ආයේ
කොපමණ සිතුවිලි එක්විලා බැහැ ඔබ මතකෙන් මුදවන්න
ඔබගේ ආදරේ මැවිලා අද ආයේ

ඔබ නැති ශෝකෙන් මා දැවිලා
යනවානම් මේ ලෝකෙන් දැවිලා
මාගේ දෑසින්

සැනසිමක් නැහැනේ ඔබ ලඟ නැතිවිලා
දුක හිතෙහි හිත පුරා දැන් ඇවිලිම ගිහිල්ලා
හැම රෑකම උදේ හවාකම
සිත පුරා රිඳුම් දී මා හඬන්නේ

ඔබ නැති ශෝකෙන් …
මාගේ දෑසින් වැටෙනා …

මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම දිස්වන්නේ
ඔබගේ ආදරේ දැවිලා අද ආයේ
හැම හුස්මක හැම ලේ බිඳුවකම ඔබ රැඳිලා වාගේ තෙරෙන්නේ
ඔබගේ ආදරේ දැවිලා අද ආයේ

තනිකමෙන් වෙලී මං ඔබ ලඟින් සිටිත් මං
දුක දනී සිනාවන් තව නොවා නිසාවෙන්
මේ ලොවින් පිට කොහේ ගියත් ඔබ තරම් වු
රුවින් පිරි රුවක් පතන් නෑ

තනිකමෙන් වෙලී මං ඔබ ලඟින් සිටිත් මං
දුක දනී සිනාවන් තව නොවා නිසාවෙන්
මේ ලොවින් පිට කොහේ ගියත් ඔබ තරම් වු
රුවින් පිරි රුවක් පතන් නෑ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply