මාගෙ හුස්ම වාගේ | Mage Husma Wage by Ajith Bandara

මාගෙ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ
ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ
මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ

නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කලා
නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කලා
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ

මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා
රකිමි සදාකල් මගේ පණ පුදාලා
මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා
රකිමි සදාකල් මගේ පණ පුදාලා
දිනෙක අපි මියේවී අපේ ලොවට යාවී
මිහිදාන වූ ආදරේ සදහට රැදේවී
ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි
කැටයම් නොවූවත් සැමදා තියේවී

ඔබේ සුව දැනිලා හැඟුම් යයි පිරිලා
හදේ ගැස්ම වී මා ඉන්නම් රැඳිලා
ඔබේ සුව දැනිලා හැඟුම් යයි පිරිලා
හදේ ගැස්ම වී මා ඉන්නම් රැඳිලා
අපේ සුසුම් පාවී පාවීලා යාවී
යලි ආයේ භවයකදී අප වෙත හමාවී
ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි
කැටයම් නොවූවත් සැමදා තියේවී

නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කලා
නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කලා
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ

ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ
මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *