මගෙ නාමලී | Mage Namali by Haroon Lanthra

මගෙ නාමලී බැදි ආදරේ
මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා
බැදි ආදරේ සුකුමාලියේ
පෙම් පණිවිඩේ පාවේ ගඟේ.

රස පෙම් හැඟුම් මාලඟ තබා
ඔබ කොහෙද යන්නේ පාවෙලා.
ඒ ලොවේ කවුරුත් නැ ප්රියේ
දැන් මෙගොඩ එන්නේ පාවෙලා.

මනමාලියේ මගෙ නාමලී
බැදි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා

බට ලී හඩේ තාලේ මගේ
ඉන් ආදරේ හඬ පිටවුනා.
අනුරාගියේ හඳ නලවනා ඒ
ගී හඩේ ඔබ සැඟවුනා.

මනමාලියේ මගෙ නාමලී
බැදි ආදරේ මනමාලියයි මැණිකේ ඔයා
ඔරුවේ නැගී එහි පාවෙවී
අමනාපයෙන් පිටවී ගියා…
බැදි ආදරේ සුකුමාලියේ
පෙම් පණිවිඩේ පාවේ ගඟේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *