මගේ වෙලා | Mage Wela by Shihan Mihiranga

Sinhala song lyrics with music notes illustration

මගේ වෙලා ලඟ උන්නු ඔයා
මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා
හිත අඬනවා තුන්යම නොනිදා
මගෙ පන තාමත් ඔයා නිසා

හුස්මෙ පවා ඉන්නෙ ඔයා
නිතරම මට සිහිවෙනවා
මැව්වෙ ඔයා මටම කියා
හදවත තව පවසනවා

සිතු පැතුමන් පොඩිකර දමලා
යන්නට ගියාට ඈත්වෙලා
හිතකින් ද මුළු ජීවිතේ
මා ලඟම ඔබ සැනසුනේ

පාළුවේ මා තනිවී
ජීවිතේ විදවනවා
වෙනසක් නෑ මගෙ ආදරේ
ඔබෙ නමටයි මුළු ජීවිතේ

හද ගැඹුරේ වේදනා ඇති
මට විතරක් දුක උරුම ඇති
බොරුවෙන් ද මගෙ ජීවිතේ
ලං ලංව ඔබ රැවටුවේ

පාළුවේ මා තනිවී
ජීවිතේ විදවනවා
වෙනසක් නෑ මගෙ ආදරේ
ඔබෙ නමටයි මුළු ජීවිතේ

මගේ වෙලා ලඟ උන්නු ඔයා
මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා
හිත අඬනවා තුන්යම නොනිදා
මගෙ පන තාමත් ඔයා නිසා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply