in Jagath Wickramasinghe

මං නුඹෙම ද | Man Nubemada by Jagath Wickramasinghe [2015]

මං නුබෙමද අහන හිතින්
නුබ මගෙමද හිතනවනම්
මන් විතරද අහන මුවින්
මගෙ විතරද කියනවනම්

සාගරේ හඩ දිගේ
මේ ගඟ ගලනවනම්

මං නුබේ නුබ මගේ
අපි අපේ විතරනම්

සඳ අහසට රළු පොළව දුරයි කියනවා
එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා
කිසිවක් නොඅසා ගං දිය පහලට
ගලා යනවා නම්
අපි ගැන දන්නා කවිරුත් තව නෑ
අපි අපේ විතරනම්

අපි අපේ විතරනම්
මං නුබෙමද අහන හිතින්
නුබ මගෙමද හිතනවනම්
මන් විතරද අහන මුවින්
මගෙ විතරද කියනවනම්

සාගරේ හඩ දිගේ
මේ ගඟ ගලනවනම්

මං නුබේ නුබ මගේ
අපි අපේ විතරනම්

සාගරේ හඩ දිගේ
මේ ගංග ගලනවනම්

මං නුබේ නුබ මගේ
අපි අපේ විතරනම්

banner

Leave a Reply