මනස | Manasa by LVZ3R ft. ULK [2020]

Sinhala song lyrics with music notes illustration

මිතුර මාගෙ ජිවිතෙ සමාන නැ සබාව මැදදි කියන කාරනාව
ඇත්ත දැක මන් තනියම කලා හිත සනසන භාවනාව
විනාසකාර සිතුවිලි යාවිද පාගා මාව
ගතට වඩා හිත වෙලා දැන් හොදටොම නන්නත්තාර
වේදනාව දරන් කදුලු කරෙ තියාන
සතය දැක්කෙ බුදුන් කියා තෙරුනාම
හිස් උනු මොළ පුරවන් බණ අසාන
මෙල්ල කරා තාවකාලිකව තන්හා රති රගාව
මටම මාව අවනත නැති කාලෙක
මගෙම මනස පාවි යාවි අයාලෙක
පෙරදි ගතම රවටවාන දැන්නම් හිතම සනසවාන
අරමුනු එකයි සොයා යෑම නිර්වාන
සමහරක් ඈයො වෙලා තිරිසනාම
සල්ලි නිසා ඇතිවෙලා හිත තුල කාම රාග
කරන කලට පව රසයිලු පසුව තමයි වේදනාව
බරපතලයි හැමදේටම වඩා සබද චේතනාව
අනුන් හැදෙන්න කලින් හැදෙන්න ඔනි තම තමාම…..

චිවරෙ නැතත් මම දැක්කා ඇත්ත සැරෙන් සැරේ
ලිවර දාලා තද කරත් ජිවන දහන් ගැටේ
කිමට වඩා අවබෝදයයි වැදගත් වෙන්නෙ රටේ
කලක් යද්දි හිලක් තියෙයි පුරවගත්ත පිංකැටෙත්
මිහිපිට තිරිසන්නු දැක හිනැහුනු මිනිස්සු
කරයි පව් දිනෙන් දින එකිනෙකට වෙනස්වු
සිහිමද ගතියෙන් අත පත ගෑ හැම හදවත් පිරික්සු
අන්ධ මිතයාවෙන් යට උන හුගක් හදවත් දුරස්ලු
අපෙ මනස දවන කරුනු එක්ක මුලු දවසම ගෙවන
තනි තිරනෙ තමන්ගෙ හිතුමතෙ ඇරන් අපි අපිටම රවන
බොලද හින පස්සෙ නහින
යතාර්ථය ටිකෙන් ටික දවන
කරුම එපා කියන් මිනිසු දිනෙන් දින කරුමම මවන
මහ මෙරක් තරම් හින තිබ්බට ගොඩ ගසන්
යාවි මෙ ලොකෙන් දිනෙක අපි අපෙ හිනත් මරන්
තාවකාලික ආත්මෙ ගතක ලැගුම් අරන්
මෙ ඉන්න ටික කාලෙට මිතුර ඇයිද දමන්නෙ සරදම්
යාවත්කාලින සමාජෙ අපි නවතිද
තරුණ හදවත් තුල පින පව පවතිද
නොගැලපිම ගැලපිම කරන් අපි අපි වැනසෙද
එක පිනක් කරා කියා අපෙ හිත සැනසේද

මුලදි දැක්කා පාට පාට පිරිණු අමුතුම ලෝකයක්
ගොඩක් මිනිසුන්ගෙ හිත්තුල ඇවිලුනු ක්‍රොදයත්
එ හැම දෙයක් තෙරුන් ගියා කාලයත් එක්ක ලැබුනෙ මටත් ශොකයක්
හරි වැරැද්ද තෙරුන් යන්නෙ නැති එකත් උබෙ රොගයක්
යතාර්ථය මෙයයි
අහන් ඉද්දි කන් වලට ඇහෙන්නෙ එක දෙයයි
නිවන පතා අපෙ ජිවිත අපෙ පැනෙන් ලියයි
මොන ආගමෙ උනත් අවසානෙ තියෙන්නෙ එයයි
මමය මාගෙය මගේ කියා කිසිත් නැත
බලය මාන්නය අද තියේවි හෙට නැත
ලැබුනොත් හොද නම අමරණිය වනු ඇත
එය දැන දැන ජිවත් වීම යහපත් වනු ඇත

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply