in Gunadasa Kapuge

මංගල ඇඳුම්න් | Mangala Andumin by Gunadasa Kapuge

මංගල ඇඳුම්න් සැරසිලා
දෙනෙතින් මුතු නැට කදුළු සලා
මගෙ ආදරය ඉවත හෙලාලා
අතිනත ගෙන ඔබ මා හැර යන දින
අමතක කළ මැන මතකය මා ගැන

අත ගෙන ඔහුගේ ඔබ යන අතරේ
මම තනි වෙන්නෙමි සිතුවිලි අතරේ
කඳුළැලි රඳවා මගෙ නෙත් අතරේ
ඔහු වෙනුවෙන් ඔබ හිනැහෙනු සොඳුරේ

ඔබ ඔහු තුරුලේ සැනසෙන අතරේ
මම තනි වෙන්නමි ගනඳුර අතරේ
පැතුමක් වී මා පැතුමන් අතරේ
යලි හමු වනු මැන මතු භව කතරේ

banner

Leave a Reply